Kitchen
පරිප්පු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය :-
රතු පරිප්පු කප් 1ක්
ස්ටොක් වතුර කෝප්ප 3ක්
චොප් කරගත් ලූණු මේස හැඳි 2ක්
චොප් කරගත් සුදුලූණු මේස හැඳි 1ක්
ගම්මිරිස් කුඩු ටිකක්
රස අනුව ලුණු
සූදුරු ඇට ටිකක්
ලෙමන් යුශ ටිකක්
සාදන ක්‍රමය :-
මුලින්ම පරිප්පු හොඳින් සෝදා ස්ටොක් වතුර දමා තැම්බෙන්න තබා හොඳින්
තැම්බුන පසු ලිපෙන් බා නිවෙන්න තබන්න.ඉන්පසු එය බ්ලෙන්ඩරයට දමා ක්‍රීම්
වනතෙක් අඹරාගන්න.
දැන් සාස්පානක් ලිපේ තබා තෙල් ස්වල්පයක් එකතුකර එය රත්කර රත් වූ තෙල් වලට ලූණු,සුදුලූණු, සූදුරු දමා ලාවට බැදෙන්න හරින්න.
දැන් එයට කලින් බ්ලෙන්ඩර් කරගත් පරිප්පු ටික එකතුකර උතුරවා ගන්න.
අවශ්‍යය පමණ ලුණු,ගම්මිරිස් එකතුකරන්න.
පිලිගන්වන විට ලෙමන් යුශ එකතුකර උණුවෙන් පිලිගන්වන්න.